මම තමයි පවුලෙ ලොකුම දරුවා.හැමෝගෙම ආදරේ මට ලැබුණා.ඒ වගේම ආරක්ෂාවත්.මට හිටිය ලොකුම ආරක්ෂකයා මගෙ තාත්තා .මං මීට අවුරුදු පහ හයකට කලින් හිතන් හිටියෙ තාත්තා නැතිනම් ජීවීතේ හරි අමාරුයි කියල.මොකද මං ඒ හැටි දුක් විදපු කෙනෙක් නෙවෙයි.මගෙ තාත්තා මාව අතින් අල්ලලා පාර මාරු කරනව.මේ අදටත් ඒක එහෙම්මමයි .හැබැයි එදාට වඩා මං හිතන විදිය වෙනස්.මං කියන්නෙ දැන් මට තාත්තා ඕනි නෑ කියල නෙවෙයි.ඒත් දැන් මට වෙනදට වඩා මං ගැන ලොකූ විශ්වාසයක් තියෙනවා.මං දන්නවා ජීවීතේ එක පාරක් වැටුනම දහපාරක් නැගිටින්න.මං දැන් ජීවිතේ තනියම සමහර පාරවල් වල යනවා.මගෙ අම්මයි තාත්තයි මං දිහා හරි ආඩම්බරයෙන් බලන් ඉන්නවා . මං ගැන මං ගොඩාක් සතුටු වෙන කෙනෙක්.මං අම්මගෙයි තාත්තගෙයි හීන මගෙ ඇස් දෙකෙන් බලනවා.එයාලා ඒකෙන් විදින සහනෙන් මං හැමදාම නිදහසේ නිදියනවා.ජීවිතේ ගැන තව තව හීන දකිනවා.ඒවා හැබෑ කරගන්න දවල් රෑ නැතුව මහන්සි වෙනවා.මං ජීවිතේ විදිමින් ජීවිත් වෙනවා.මේ හැමදේටම මට ශක්තියට ඉන්නෙ මගේ ආත්ම විශ්වාසය.ඔව් උබට පුලුවන් මේ ජීවිතේ ගේම ගහන්න.දැන් වැටුනට නැගිටපන් හයියෙන් .අල්ලන් ඉදපන් වසන්තය ළඟ ළඟ ම එනව.
✍️තිලිනි වික්‍රමසිංහ