Friday, June 16, 2023

මට මගෙන් තෑග්ගක්🥺🤗


 මේ තමයි මගෙ උපන්දින තෑග්ග.දවස් කීපයක් ගියා තමයි හම්බෙන්න.ඒත් මට ගොඩාක් සතුටුයි.තෑග්ගක් කියන්නෙ කෙනෙක්ගෙ හිනාවට හේතුවෙන දෙයක් නෙ.ඒකනෙ තෑග්ගෙන් තෑග්ග උතුම් කියන්න.අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන අය මේ හැමෝම තෑගි හුවමාරු කරගන්නවා.මේ හැමදේම ආදරේ නිසානෙ.😍🤗

ඉතිම් මේ තෑග්ග හරි විශේෂයි.ඔයාලා බැලුවා නේද මට මේ ආදරණීය තෑග්ග දුන්නෙ කවුද කියල.ඒම කවුරුත් නෙවෙයි අනේ දුන්නෙ.මේ මං මටම ගත්ත තෑග්ග.මං ආස සුකුරුත්තන් තමයි මේ.මං හරි ආසයි මේ සුකුරුත්තන් තොරොම්බල් එකතු කරන්න.ගෑණු ළමයිනෙ එයාලා එක එක දේවල් වලට කැමති.මං වැඩිපුරම කැමති දේවල් තමයි මේ.අපි හැමෝම වැඩිපුර ආදරේ තමන්ට.තමන් තමන්ට ම තෑග්ගක් දුන්නම මොකද.තමන්ගෙ සතුට වෙනුවෙන්.හැබැයි සල්ලි මගේ නෙවෙයි.මට තාමත් වියදම් කරන්නෙ මගෙ තාත්තා .මං හිතාගෙන ඉන්නෙ ලබන අවුරුද්දට කෝමහරි මගේ සල්ලිවලින් ගන්න.චූටි චූටි දේවල් ඇතුළෙ හරි ගොඩක් ආදරේ සතුට පිරිලා තියෙනව.ලෝකයටම ආදරේ බෙදන්න කලින් තමන්ට ආදරේ කරන්න.ඊටපස්සෙ පුලුවන් ලෝකෙට ආදරේ කරන්න.තමන් උපමා කරලා අනිත් අය ගැන හිතන්න.එතකොට අපි හිතනවටත් වඩා මේ ලෝකේ ගොඩාක් ලස්සන වෙනව.ආදරණීය වෙනව.ඉතිම් ආයෙත් ඉක්මනින් ම හම්බෙනකම් ආදරෙයි මං.❤️

                                          ✍️ තිළිණි වික්‍රමසිංහ 

Tuesday, June 13, 2023

මේක නම් පිස්සුවක්


 කොතනින් පටන් ගන්නද කොහොම කියන්නද කියල තේරෙන්නෑ .මේක පිස්සුවක් ඇබ්බැහියක්..හැබැයි මේක කියවන කෙනෙක්ට හිතෙන්න පුලුවන් මීටවඩා හොද පොත් තියෙනව මේ මොන විකාරයක් ද මේ කියල .ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන් .හැබැයි ඔය පරිනතයි කියන අය ලියපු මහප්‍රානවලට වඩා මේක සරලයි.හරිම ලස්සනයි.

මං මේ පොත ගැන මෙහෙම කියන්නම්කො.මං ජීවිතේ පලවෙනි වතාවට පැයක් හමාරක් ඇතුලත වගේ කියවපු මුල්ම පොත.කවි කියවන්න ඇබ්බැහි උනේ මේකෙන්.හරිම ලස්සනයි.මේකෙ තියෙන තේමා හරි ප්‍රායෝගිකයි.මුකුත්ම ඕන්නෑ පොතේ නමත් හරිම වෙනස්.අම්මපයි මං කඩුව දුන්නා.පොත ගැන මුකුත් ම නොදන්න අය පොත දැක්කම තෝන්තු වෙනව.ඒක ඇත්ත ඒත් කියවන්න ගද්දි හරි රසයි මේක.සමාජ මාධ්‍යවල ශෂික සදීප් නොදන්න කෙනෙක් නෑ .ඔහුව ගොඩක් අය දන්නවා.

ර්ජෙක්ගෙන්  මම යැද්ද ප්‍රේමය වැද්දෙකුගෙ ළඟ දුටුව හින්දා

කඩුව ගත්තා නෙවෙයි මල්ලියෙ අම්මපයි මං කඩුව දුන්නා

    එතන තිබ්බ ආදරය ගෑනු සිත ලස්සනට ඒ ගැන හරිම තාත්වික විදියට ලියල තියෙනව.මේකෙ තියෙන ඔක්කොම කවි එහෙමයි.එකක් කියවල අනික් කවිය නොකියවල පොත වහන්න හිතෙන්නෑ.ඒ තරම් අපූරුයි.පොත ඉවර වෙද්දි අනේ තව තිබුන නම් කියන දේ හිතනව..මේක කියවන මේ පොත නොකියවපු කෙනෙක් ඉන්නව නම් අනිවාරෙන්ම කියවල බලන්න.ඇත්තටම ලස්සනයි .ආස හිතෙනව.

කෝම උනත් පොතක් කියවන එක හොද පුරුද්දක්.ඉඩක් ලැබෙන හැම මොහොතකම පුරුද්දක් විදියට පොතක් කියවන්න.මං එහෙමයි.මාසෙකට සැරයක්වත් අඩුම පොඩි ගානක් වියදම් කරල තමන්ට කැමති පොතක් කියවන්න.ඒ හරහා අපේ ජීවිතේට ගොඩක් දේවල් ලැබෙනව.සමහර පොත් කියෙව්වම අවුරුදු ගානක අතීතයක අපි ජීවත් වෙනව.අපේ නිර්මාණශීලිත්වය .ඉවසීම මේ හැමදේම වර්ධනය වෙනව.ඉතිම් මගේ යාලුවෝ හැමෝමත් පොතක් කියවන්න.ඒක ජීවිතේට ආශිර්වාදයක් .

මම ආසාවෙන් කියවපු පොත ගැන මම ලියපු කවිය තමයි මේ.ඉතිම් මාත් එක්ක ආදරෙන් එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි.හෙටත් හම්බෙනකම් ජය❤️

අම්මපයි මං කඩුව                    දුන්නා

පොතේ රස තැන් ගොඩක්     තිබුනා

මමත් ඒ පොතෙ රසය              වින්දා

නිකම් සිටි මං කවිත්             ගෙතුවා


එකහුස්මට පොතක් කිය වූ මුල්                      පාර

සුසුමක් නොහෙළා කියුවෙමි එක අකුරක්      නෑර

හරි ම රහයි පබැදුම ඔබෙ අති                   මනහාර

ආශිංසන ගෙනෙමි පද ගෙතුමට                හැමදාම


මගෙ ජීවිතය දෝ කියල විටෙක    සිතෙයි

ඒ තරමටම පද ගැලපුම අති      අගනෙයි

අන්තිම කවිය කියවන විට අනේ හිතෙයි

තව දෙක තුනක් තිබුනා නම් අගේ දැනෙයි


ආයෙත් එකක් ලිව්වෝතින්     කියන්න

මම ආසයි රහ කර කර              විදින්න

වැඩි කල් නොයේවා ඒ දින            එන්න

ඉවසුම් නැතේ එහි රස                 විදින්න


                                              ✍️තිළිණි වික්‍රමසිංහ-





Monday, June 12, 2023

අද දවස🤪


 අද දවස වැහිබර දවසක්.කෝම උනත් පාන්දරම නැතත් දහයට විතර එලියට බහිද්දිත් ටිකක් අදුරුයි.එක්සෑම් දවසක් .හැබැයි ඒමයි කියල ලොකූ විශේසයක් හිතට දැනුනෙත් නෑ.කෝමින් කෝමහරි කාලා සේරම ශරීර කෘත්‍යන් ටික කරගෙන එක්සෑම් එකට ගියා.I.T ලැබ් එක ළඟ භීශනේ වගේ.මාත් කෝමහරි ගිහින් වාඩිවෙලා ලෑස්තිය ප්‍රැක්ටිකල් එක කරන්න .අනේමන්දා ගියවෙලේ ඉදන් එච්චර හොදවිදියට කාලෙ ගෙවුනේ නෑ.කවදාවත් නැතුව මං අද ඇඩුවා.මොනා උනත් එක්සෑම් එකක් ශේපක් ගහගන්න මට පුලුවන් උනා.බලමුකො ඉතිම් මොනාවෙයිද කියල.

අද දවස ඕමයි.ඉතිම් ගොඩක් ජීවිතේ පාඩම් ඉගෙනගත්ත දවසක් ..ආයෙ ආයෙම මගෙ  අඩුපාඩු හදාගන්න මට දීපු චාන්ස් එකක් කියල මං හිතනව.මං ඒ චාන්ස් එක කෝමහරි ගන්නව.අද දවස මගේ ජීවිතේට කියල දීපු පාඩම ඕක.

මට මල් ටික දැක්කම ආසහිතුනා..අනික කැලෑමල්නෙ.මගේ හිතේ තිබ්බ අසහනකාරී කලකිරුනු ගතිය යවන්න මේ මල් ටිකට පුලුවන් උනා.ඉතිම් මං දෙක තුනක් කඩාගෙන පින්තූරයක් ගත්තා .ඉතිං අපිත් මල්වගේ වෙමු .ඇවිලෙන හැම හිතකටම සතුටක් දෙන්න පුලුවන් විදියට ජීවත් වෙමු.


                                               ✍️තිළිණි වික්‍රමසිංහ 

Sunday, June 11, 2023

ආපසු හැරීම


 ජීවීතේ කියන්න හරි පුදුමාකාර දෙයක්.මං ජීවිතේ විදින මනුස්සයෙක්.විදවන්න හේතු දාහක් තියෙද්දි විදින්න එක හේතුවක් හොයන කෙනෙක් මං.මං මම ගැන ආඩම්බර වෙනවා සහ සතුටු වෙනවා.

ඊයේ මගේ විසිපස් වෙනි උපන්දිනේ.ඒ විසිපස් වසර දිහා බලපුවාම මම සමහර දේවල් දරාගෙන ජීවත් උනාද කියල හිතෙනවා.ඒ තරම් අමිහිරි අත්දැකීම් එමටයි.කඩාවැටීම් ,අහිමීව්,විරහ වේදනා හැමදේම මැද මං ජීවත් උනා.වෙච්චි හැමදේම හොදට උනේ කියල හිතුවා.නොලැබුණ දේවල් අතරෙ මට ගොඩක් දේවල් ලැබුණා.මගෙ අතින් වැරදි හිත් රිදීම් ගොඩක් උනා.මං හැමදේටම හැම කෙනාගෙන්ම සමාව ගත්තා .අහිමිවන දේවල් අහිමිවන මිනිස්සු ගැන ඕනවට වඩා හිතන එක අතෑරල මගේ සැනසීම මං හෙව්වා.මං මම සතුටු වෙන දේවල් ,මගෙ අම්මා තාත්තා සතුටු වෙන දේවල් මගෙ ලගින්ම ඉන්න අය සතුටු වෙන දේවල් ගැන විතරක් හිතල වැඩ කරා.මං හිතනව මං දැන් වෙනදට වඩා සතුටින් කියල .
ගෙවීගිය විසිපස් වසරට වඩා මම මනසින් ශක්තිමත්.ප්‍රශ්න දිහා බලන කෝණය වෙනස්.ධනාත්මක චින්තනය ප්‍රගුන කරනව.හරි ආදරයෙන් සමාව දෙනව.මම දැන් එහෙමයි.
ඉතිම් මම නම් හිතන්නෙ අපිට ජීවිතේ ගැන ආපස්සට හිතද්දි දුක හිතෙන කලකිරෙන වැඩ කරන්න හොද නෑ.බැරිවෙලා හරි උනත් ඒ දේ ගැන නොහිතා ආයෙත් ඒම නොවෙන්න වගබලාගන්නෝනි.ඉවසීම ප්‍රගුන කරලා,ඉක්මනින් සමාව දීලා ආදරේ දෙන්න ළඟ ඉන්න හැමෝටම.තමන්ට දෙයක් බලාපොරොත්තු නොවී අනුන් වෙනුවෙන් දෙයක් කරමු.🙂 ආදරෙයි මං❤️
                   Happy birthday to me😃😍
          
                                                        ✍️තිළිණි වික්‍රමසිංහ 

Friday, June 9, 2023

සිහින ලෝගුව👩‍🎓


දහසක් දේ හිතාන මෙහෙ                 ආවාට
උහුලනු කෙසේ දැනෙනා බර          හැමදාම
ගෙදර අය නිසා ගිනිගෙන               දැවුනාට
මට නම් සිතේ හැමදේ හැරදා              යන්ට

දහස්වසක් පාසල් ගොස්                     ආවාට
සිතුවේ එදවස් නීරස බව                    ජීවයට
නමුත් දැනේ මී පැණිරස ගිය                 කලට
දැන් නම් සිතේ කල්කදුරක් සේ               දිවට

යන්නට තිබෙන දිවිමග තව බෝ            දුරය
හැරෙන්නට සිතේ කලකිරිලා              ජීවිතය
වැනෙන්නට කල් නොවේ මේ බව      සිතුවාය 
තෙවසරයි ගියේ මම හති                   දැම්මාය

ලෝකය නිතර කීවත් හිස් බස්               නිවට
ඇවිදින් බලා ගියවිට තේරෙයි                සිතට
කියනා තරම් පහසුව නෑ මෙය               ගන්ට
උපාධිය නිසා මනසින් මම                  වැටුනාය

විභාග පැවරුම් ප්‍රශ්නාවලි          ගොඩගැහිලා
ජීවන බරද ඒ මතටම                           පැටවීලා
එක් හදවතක් මේ හැමදේ                        දරාලා
කොහොමද ඉන්නෙ මේ කිසිවක්  නොඉවසාලා

ගෙදර යන්න හිතෙනව මට බෑ                 ඉන්න
කන්නට රසට එක වේලක් නෑ                මෙතන
සිත සවි නොමැත ඉවසාගෙන                    ඉන්න
හැරදා යන්න හිතෙනව මට                     උපාධිය 
  

                                                 ✍️තිළිණි වික්‍රමසිංහ 


ආත්ම විශ්වාසය

මම ගැහැණු ළමයෙක්නෙ.ශ්‍රී ලාංකික සංකෘතිය ඇතුළෙ ගැහුණු ළමයෙකුට හිමිවෙන්නෙ සුවිශේෂී ස්ථානයක්.මොකද කියනව නම් සමාජය හිතනවා ගැහැණු දරුවෙකුට තනියම ...