Thursday, October 28, 2021

දන්නවද මගෙ ආදරේ

මදපවනත කීවත් සුරැකිව ඔබ සිටින බව

මගෙ හදවත පිලිගන්නෑ ඔබ දකින තුරු

තුරුපත් හිස කීවත් තතු සවනට නිතර

මට ඉවසුම් නොතිබේ ඔබ දකින තුරු


සැකයක් නෑ කිසිවිට ඔබ අන්සතුයි කියා

ඔබ මගෙ බව පවසයි හිරු සදු දිවුරා

මියෙන තුරා ඉන්නම් ඔබ ළඟ ඉදුරා

රත්තරනේ මට පිටුපා ඔබ යන්න එපා


දින සති මාස ගෙවුනත් ඔබ දෙස නොබලා

වෙනසක් නොවෙ මගෙ ආදරේ දකින තුරා

හැකිවෙන මොහොතෙ මගෙ අසලට එනු පියඹා

එතකම් සොඳුර දිවි සුරැකිව ඉනු නිතරා


~ තිලිනි වික්‍රමසිංහ ~






Wednesday, October 20, 2021

ඔයා යලි එනවද?




තිබේ නෞකා දැන් දැන්

රෑ බෝ වෙමින් එන විට


හිස තියා සැනසෙන්නට

තොටුපොළක් සොයමින්

ඉබාගාතේ ඇවිදින


අතීතයෙ එක් දවසක

ඉස්සො වඩයක් හප හප

ගාලු මුවදොර අබියස

ඈත ක්ෂිතිජයෙ තිත් ලෙස

පාව යන නෞකා දෙස

බලා සිටි'යුරු ඔබ මම


දනිමි ඔබ දන්නැති බව

තාරකාවක එළියෙන් 

අතීතය දෙස බල බල

ක්ෂිතිජයේ නැව් දැක අද

බොහෝ දේ සිහිකරන බව මම 


නැගී සැඩ සුළි එක පිට

කුණාටුවකට හසු වී

මාලිමා කටු බිඳගෙන

ඇතිද මේ වගෙ නැව් තව?

මතක සිඳු රැළි අතර තනිවුණ 



෴  තිලිණි වික්‍රමසිංහ ෴  

ආත්ම විශ්වාසය

මම ගැහැණු ළමයෙක්නෙ.ශ්‍රී ලාංකික සංකෘතිය ඇතුළෙ ගැහුණු ළමයෙකුට හිමිවෙන්නෙ සුවිශේෂී ස්ථානයක්.මොකද කියනව නම් සමාජය හිතනවා ගැහැණු දරුවෙකුට තනියම ...